Press "Enter" to skip to content

විදුලි බිඳවැටීම් ගැන ඇමැති කියයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන ඇතුළත පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලිය විසන්ධිවී ඇතැයි විදුලි බල බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එමෙන්ම විදුලිය බිඳ වැටීම් සිදුවීම් 36900ක් සිදුවී ඇතැයිද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පවසන්නේ ඔහුගේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.

මෙම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බව පවසන අමාත්‍යවරයා විදුලිය බිඳ වැටී හැටිය ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලිය සපයා යථා තත්ත්වයට පත් කරන බවද ප්‍රකාශ කළේය.

මේ අතර විදුලි පාරිභෝගිකයන්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුම් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලිය විසන්ධි වීම පිළිබඳව දැනුවත් කළ හැකි බවද අමාත්‍යවරයා එම නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *