Press "Enter" to skip to content

දුරකතන රැහැන් කපා විකුණූ ටෙලිකොම් සේවකයෝ 7ක් දැලේ

වෙන්නප්පුව ප්‍ර දේශයේ භූගතව ඇද තිබූ රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා දුරකතන රැහැන් කපාගෙන ගොස් පරණ යකඩ බඩු කඩවලට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාර්මික ශිල්පීන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.

වෙන්නප්පුව තුණුවිල හන්දියේ සිට කිරිමැටියාන හන්දිය අතර ප්‍ර දේශයේ කිලෝමීටර් 4 ක් පමණ දුරට ඇද තිබූ භූගත රැහැන් කපාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 38, 43, 37, 35, 51, 45, සහ 56 වියේ පසුවන කටුනේරිය, මාරවිල, තොඩුවාව, කොස්වත්ත, ආනමඩුව සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 7 දෙනකු බව පොලිසිය පවසයි.

ටෙලිකොම් ආයතනය මගින් වෙන්නප්පුව ප්‍රදේශයේ ඇද තිබූ භූගත දුරකතන රැහැන් වෙන්දේසි කිරීම සදහා ඒවා කපා ඉවත් කිරීමට පරීක්ෂා කිරීමේදී කිසියම් පිරිසක් විසින්එම රැහැන් කපා සොයාගෙන ගොස් ඇති බව නිරීක්ෂණයවී ඇති බව පොලිසිය පවසයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *