Press "Enter" to skip to content

මන්නාරම් මුහුද ගොඩ ගලයි

මන්නාරම් නානාට්ටාන් සහ ශිලාවතුර මුහුදු සීමාවට අද (22) දින බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ සුලි කුණටුවක හේතුවෙන් මුහුදු රළ ගොඩ ගැලීමත් සමග ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත.

මුහුදු රල ධීවර වාඩි හා නිවාස වෙතට ගොඩගැලීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 150 කට ආසන්න ආරක්ෂිත ස්ථන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති අතර ධීවර යත්‍රාද වෙරලෙන් ගොඩට ගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබුණි.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මුහුදුබඩ ජනතාවද යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබූ අතර පොලිසිය හා වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ජනතාවගේ බිය තුරන් කොට ඇත.

එමෙන්ම අද දින මන්නාරම් නානාට්ටාන් ඇතුලු ශිලාවතුර මුහුදු සීමාවන්හි මුහුදු දැඩි සෙයින් රලු වීම හේතුවෙන් ප්‍රදේශයේ ධීවරයන්ද මුහුදු යාමෙන් වැලකී සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *