Press "Enter" to skip to content

ශ්‍රී ලාංකික IS ත්‍රස්තයන් ගැන විමර්ශනනයක්

ප්‍රහාරයක් සඳහා පැමිණ සිටියදී ඉන්දියාවේ අහමදා බාත් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

මෙම ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අහමුදාබාද්ගුවන් තොටුපොළේදී ගුජරාටි ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 20 වැනිදාය.

ඔවුන් ඉන්දියාවේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් පැමිණ සිටි බවට ඉන්දිය ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවෝ සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එම සිවු දෙනා සම්බන්ධයෙන් මෙරට ත්‍රස්තවාදී විමර්ශන සහ තවත් විමර්ශන අංශ කිහිපයක්ද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *