Press "Enter" to skip to content

පනස් අටදාහකට ද්විත්ව පුරවැසිභාවය

පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

එම කාලයේදී ද්විත්ව පුරවැසිභාවය සඳහා 63917 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබූ බවද ඔහු කීවේය.

2015 දී 16184ක්ද- 2016 දී 13933ක්ද – 2017 8881 ක්ද – 2018දී 8747ක්ද – 2019 දී 7405ක්ද – 2020 දී 3154ක්ද වශයෙන් ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ටිරාන් අලස් මහතා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *