Press "Enter" to skip to content

රන්දූපත උපෝසථාගාර රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත් පැලැන්දවීමේ පුණ්‍ය මහෝත්සවය

මාතර පුරවරයේ සද්ධාසම්පන්න ජනයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය තවත් වැඩිකරන රන්දූපත උපෝසථාගාර රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ අඩි 65ක් පමණ උස චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැලැන්දවීමේ පුණ්‍ය මහෝත්සවය 2024 පොසොන් මස 20 වන දින පෙරවරු 09.50ට යෙදෙන සුභ මොහොතින් සිදු විය. තවද චෛත්‍ය වටා අටමස්ථාන විවෘත කිරීම,‍ චෛත්‍ය ගර්භය තුළ පිත්තල කිලෝ 1000කින් නිර්මාණය වන රන් ආලේපිත සර්වඥධාතූන් තැත්පත් කරනු ලැබූ කරඬුව තැම්පත් කිරීම, ආදී පුණ්‍ය කටයුතු බොහෝමයක් මෙහිදි සිදු කෙරිණි.

ජූනි මස 14 දින සිට 21 වන දින දක්වා සතියක කාලයක් පුරාවට පැවති පිංකම් මාලාව මෙලෙස කොත් පැලදවීමේ පුණ්‍ය මහෝත්සවය සමග සාර්ථකව අවසන් විය. සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මහතා ප්‍රමුඛ සණස සමූහයේ නිලදාරී මහත්ම, මහත්මීන්ගේ අනුග්‍රහයෙන් සහ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර, මාතර දිස්ත්‍රික්කය ප්‍රධාන කොට ඇති ශ්‍රී ලංකාවේ දසදෙස වැඩසිටින ගෞරවනීය සංඝයාවහන්සේලා 150 නමක් වැඩමවා දහවල් දානය පිරිනමන ලදී.

දානමය පිංකමෙන් අනතුරුව පැමිණ වැඩමකර සිටි ගරුතර සංඝරත්නයේ මුලසුන වැඩසිටි ස්වාමීන් වහන්සේලා විසින් ධර්මදේශනා පැවැත් වූ අතර කිරින්දෙණිය මැතිතුමන්ගේ ජාතික අගමික මෙහෙවර පිළිබදව ප්‍රශංසා මුඛයෙන් සදහන් කරන්නට විය. වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිකාරී පූජ්‍ය විටියල ඉන්ද්‍රරතන හිමි “කිරිවන්දෙණිය මැතිතුමන් ශ්‍රී ලංකාව පමණක් නොව, දේශ දේශාන්තර ජයගත් උත්තමයෙක් බවත්, එතුමන් වැනි දැනුමෙන්, අත්දැකීමෙන් පිරිපුන් පුද්ගලයෙකුගේ දැක්ම මෙන්ම උපකාරය තම විහාරස්ථනයේ උන්නතියට හැමවිටම විශාල රුකුලක් බවද” ප්‍රකාශ කර සිටියා ය.

පොදු ජනයාගේ සුභ සිද්ධිය අරමුණු කරගනිමින් සණස ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලෙස සණස සමූහයේ අඩිතාලම සකස් කළ අචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන් ආයතන 14ක් සහිත සණස සමූහය තුළින් මහජනයාගේ යහපතම ප්‍රාර්ථන කරයි.”සණස ඉදිරිය” වැනි කාලීන සංකල්ප ජනයා අතර ප්‍රචලිත කරමින් ආර්ථිකමය වශයෙන් පසුබෑමට පත් වී සිටින දේශය නැවත ස්වයංපෝෂිත ආර්ථිකයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල වෙත තම ආයතන මෙහෙයවයි. තම ව්‍යාපාර තුළින් ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජනජීවිත සුරක්ෂිත කරන එතුමන් දසදහස් ගණනකට රැකියා අවස්ථා ලබා දී ඇත. අරම්භයේ සිටම සුභසාධනය වෙනුවෙන් කාලය වෙන් කළ එතුමන් මෙම දානමය පිංකම ඉමහත් සද්ධාවෙන් යුතුව කළ කටයුත්තක් ය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *