Press "Enter" to skip to content

කෙහෙළිය පවුලේ කෝටි 9ක ගිණුම් අත් හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ දියණියන් තිදෙනාට සහ එක් දියණියගේ ස්වාමිපුරුෂයාට අයත් රුපියල් කෝටි නවයකට වැඩි වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර ඇත.

පෞද්ගලික බැංකුවක තිබූ එම ගිණුම් සහ රක්ෂණ ඔප්පු සැක කටයුතු ගනුදෙනු හේතුවෙන් මෙසේ තහනම් කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව මුදල් විශුද්ධිකරණ වරද යටතේ කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇත.

මේ පිළිබඳව මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීමටත් කොමිෂන් සභාව වැඩිදුරටත් තීරණය කර ඇත.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාරදී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අවභාවිත කර ඇත්දැයි පිළිබඳව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා විමර්ශනයක් ආරම්භ කළේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *