Press "Enter" to skip to content

ටින් ගත්තු අයට පණිවිඩයක්

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩ ලැබුණද මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැතිනම් ඒ බව ලිඛිතව දැනුම් දී බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය. රටේ ලක්ෂ 23ක් TIN අංකය ලබාගෙන ඇති බව සඳහන් වේ. බපසුගිය ජුනි මාසයේදී පමණක් ලක්ෂ දහතුනක් එම අංකය ලබාගෙන ඇත.

මේ මස අවසන් වන විට එම අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑ තුනක් බවට පත් කිරීම අරමුණ බව සියඹලා පිටිය මහතා ප්‍රකාශ කළේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *