කොළඹ ආනන්ද විද්‍යාලය වාර්ෂික ව සංවිධානය කරන පා ගමනේ (Ananda Walk) 2024 වසරට අදාළ පා ගමන සඳහා නිල රක්ෂණ සහකරු ලෙස දායකත්වය ලබා දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම විසින් කටයුතු කෙරිණි. ආනන්ද විද්‍යාලයේ වර්තමාන සිසුන්ගේ මෙන් ම ආදි සිසුන්ගේ ද සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම පා ගමන සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම මගින් මෙරට අධ්‍යාපනික ක්ෂේත්රයේ වර්ධනය වෙනුවෙන් සණස ලයිෆ් රක්ෂණ සමාගම ලබා දෙන සුවිශේෂී දායකත්වය පිළිබිඹු කරයි.
මෙරට රක්ෂණ ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම, සිය ආයතනික සමාජ මෙහෙවර ඉටු කිරීම පිළිබඳ ව දැඩි අවධානයෙන් යුතු ව කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා එම සමාගම නිරන්තරයෙන් සහයෝගය ලබා දෙයි. එමගින් පාසල් සිසු සිසුවියන් තුළ ආකල්පමය වර්ධනයක් ඇති කිරීම මෙන් ම පාසල් මට්ටමේ ක්‍රීඩාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලබන සණස ලයිෆ් රක්ෂණ සමාගම, එම සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ දිගුවක් ලෙස මෙවර ‘ආනන්දීය වාර්ෂික පා ගමන’ සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන් බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා ප්‍රකාශ කළේය.
මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් නිකලස් මහතා ප්‍රකාශ කළේ, ” මේ රටේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් විදියට සණස ලයිෆ් රක්ෂණ සමාගම විවිධ සමාජ සත්කාරක වැඩසටහන්වල නිරත වෙනවා. එහි දී ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන්නෙ අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වන ක්ෂේත්‍ර දෙකක්. මෙම ක්ෂේත්රවල වර්ධනය වෙනුවෙන් අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. ඊට සමගාමී ව මෙවර ආනන්ද විද්‍යාලයේ වාර්ෂික පා ගමන සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ ව අපි සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්. ඉදිරියේ දීත් මෙවැනි වැඩසටහන් සඳහා සහයෝගය ලබා දීමට අපි අරමුණු කරනවා.” යනුවෙනි.
Be First to Comment