Press "Enter" to skip to content

උසස් පෙළ පිළිතුරු පත් බලන්න සරසවි ඇදුරෝ එකඟ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.

ඒ් අනුව උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව රැස්වී ඊයේ (4) පස්වරුවේ තීන්දුවක් ගෙන ඇත.

උපයනවිට ගෙවීමේ බදු ලිහිල් කිරීමට හෝ ඒ වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම නිසා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම මාස දෙකහමාරකින් පමණ පමා වී ඇත.

දැනටමත් ආරම්භ කර ඇති පිළිතුරු පත්‍ර ඇගැයීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් රටපුරා තවත් මධ්‍යස්තාන දහයකදී ලබන සඳුදා පිළිතුරු පත්‍ර ඇගැයීම ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *