එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොගෙන වසර අටක් තිස්සේ එම ලාංඡනය අවභාවිතා කරමින් දන්තාලේප නිෂ්පාදනය සඳහා යොදා ගත් යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද (06) සවස කටයුතු කළ හ.
මෙසේ යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තබන ලද්දේ වේවැල්දෙණිය ප්‍රදේශයේ පිහිටි කම්හලකය.
ප්‍රමිති සහතිකය අවභාවිතා කරන බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කෙරුණු පරීක්ෂණයකින් පසු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු සඳහන් කළහ .
අදාල ආයතනය 2015 වසරේ දී ප්‍රමිති සහතිකය ලබා ගෙන ඇති බවත් යළි ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා 2018 වසරේ ඉල්ලුම් කර ඇතත් එම කටයුතු ඉදිරියට පවත්වාගෙන ගොස් නැති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු කීහ .
අදාළ කර්මාන්ත ශාලාවේ දන්තාලේප නිෂ්පාදනය කෙරෙන යන්ත්‍ර සූත්‍ර පිහිටි පරිශ්‍රය මුද්‍රා තැබීමට මෙහිදී එම නිලධාරීහු පියවර ගත්හ.
Be First to Comment