Press "Enter" to skip to content

ඉන්දුනීසියා බැඩ්මින්ටන් කුසලානය රියාඩ් හුසේන් සහ ලේමන් සංජීව් දිනා ගනී

ඉන්දුනීසියානු ජනරජයේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ (Indonesia Badminton Cup) ඉන්දුනීසියානු කුසලානය සඳහා වනදු බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය දා (11) කලල්ගොඩ Raising Badminton Academy පරිශ්‍රයේදී පැවැත්වුණි.ශ්‍රී ලංකාවේ ඉංදුනීසියානු තානාපතිනි (Dewi Tobing) දෙවි ටොබින් මැතිනියගේ සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණි.

එහිදී ඉන්දුනීසියානු තානාපතිනිය සමඟ ෂෙනුක් සමරරත්න ද ශ්‍රී ලංකාවේ හිටපු ජාතික බැඩ්මින්ටන් ජාතික ශූර ක්ලැරන්ස් හෝමර් සමඟ ඉන්දුනීසියානු ජාතික බැඩ්මින්ටත් ශුර ටෝනි වහීඩ් ප්‍රදර්ශන තරඟයකට එක් වූහ.විවෘත තරගයක් ලෙස පැවති මෙම තරගාවලියට විවිධ වයස් සීමාවන්වල ඉන්දුනීසියානු සහ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ.

ජී. මතීෂ්ල (G.Matheesla) සහ සක්රි ඉබ්‍රහිම් (Sakri Ibrahim) යන දෙදෙනා (21/15, 21/17) ලෙස පරාජය කරමින් රියාඩ් හුසේන් (Reyad Hussien) සහ ලේමන් සංජීව් දෙදෙනා
මෙම විවෘත තරගාවලිය ජයග්‍රහණය කළහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අගෝස්තු දාහත් (17) වෙනිදා ට යෙදෙන ඉන්දුනීසියානු නිදහස් දිනයේ දී කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ දී සිදු කෙරන බව ලංකාවේ ඉංදුනීසියානු තානාපතිනි (Dewi Tobing) දෙවි ටොබින් මැතිනිය පැවසුවාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *