සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය ලන්ඩන් හි ලෝර්ඩ්ස් ක්රීඩා පිටියේ දී අද ආරම්භ වෙයි.
එංගලන්ත කණ්ඩායම තරඟ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවෙයි.
තරඟයට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම නිවේදනය කර තිබේ.
ඒ අනුව කණ්ඩායමේ වෙනස්කම් 2 ක් සිදුකර ඇත.
පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබේ. කණ්ඩායමේ නායකයා ධනංජය ද සිල්වායි.
දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ප්රභාත් ජයසූරිය, අසිත ප්රනාන්දු හා මිලාන් රත්නායක යන ක්රීඩකයෝ කණ්ඩායම නියෝජනය කරති.
Be First to Comment