Press "Enter" to skip to content

සණස රක්‍ෂණ සම්මාන 2023 අති සාර්ථක ව අවසන් වෙයි

සණස ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්‍ෂණ සමාගම් ද්විත්වයේ 2023 වසරේ සාර්ථකත්වය ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘සණස රක්‍ෂණ සම්මාන 2023’ සම්මාන උළෙල 2024 සැප්තැම්බර් මස 03 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය ඇතුළු සණස රක්‍ෂණ සමාගමේ වර්ධනය වෙනුවෙන් කැප වූ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇගැයීම මෙහි දී සිදු විය.

සණස රක්ෂණ සමාගමේ සේවක සේවිකාවන් 500කගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සණස සමූහයේ ආරම්භක සභාපති ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සහභාගි වූ අතර, සණස රක්‍ෂණ සමාගමේ සභාපති පී. ගජේන්ද්‍ර, කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

‘සණස රක්‍ෂණ සම්මාන 2023’ සම්මාන උළෙලේ දී හොඳ ම විකුණුම් ප්‍රවර්ධන නිලධාරියා, හොඳ ම කණ්ඩායම් නායකයා, හොඳ ම ශාඛා කළමනාකරු, හොඳ ම අලුත් කිරීමේ නිලධාරියා, හොඳ ම ප්‍රාදේශීය කළමනාකරු, හොඳ ම පොකුරු කළමණාකරු, හොඳ ම ලේඛකයා ආදී වශයෙන් කාණ්ඩ ගණනාවක් යටතේ සම්මාන පිරිනැමුණු අතර, මෙවර හොඳ ම ශාඛාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ සණස රක්ෂණ සමාගමේ දික්වැල්ල ශාඛාව යි. එමෙන් ම වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් සණස රක්ෂණ සමාගම සමඟ එක් වී විශ්වාසවන්ත ව සේවය කළ සේවකයන් ඇගයීම ද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී සිදු කෙරිණි.

ආරම්භයේ පටන් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදු කිරීමට සමත් වූ සණස රක්ෂණ සමාගම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් 10 අතරින් 7 වන ස්ථානයේ ස්ථානගත වීමට සණස රක්ෂණ සමාගම සමත් වී ඇත.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *