Press "Enter" to skip to content

ඩ්‍රීම්රොන් රූපලාවන්‍ය විද්‍යාලයීය 15 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාරථකව පැවැත්වේ

ඩ්‍රීම්රොන් රූපලාවන්‍ය විද්‍යාලය සිය සාර්ථකත්වයේ වැදගත් කඩඉමක් පසුකරමින් ස්වකීය 15 වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීය- මෙහිදී ජාතික වෘත්තීය සුදුසුකම් 4 වැනි (NVQ Level 4) මට්ටමේ රූපලාවණ්‍ය හා කොන්ඩා සැකසුම් පාඨමාලාව, කොන්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය ඩිප්ලෝමාව, NTT කොන්ඩා කැපීම් යන පාඨමාලා නිමාකළ සිසු සිසුවියන් 900 කට අධික පිරිසකට සහතික පිරිණැමීම සිදුවිය- රූපලාවන්‍ය අධ්‍යාපනය ඔස්සේ රූපලාවන්‍ය කර්මාන්ත ක්‍ෂ්ත්‍රය හැඩගැන්වීමේ ඩ්‍රීම්රොන් හි කාර්ය භාරය මේ උත්සවයෙන් විද්‍යාමාන විය.

තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ ලියාපදිංචි ආයතනයක් මෙන්ම ජාතික ආධුණිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරියේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙන් ඩ්‍රීම්රොන් විද්‍යාලය රූපලාවණ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛස්ථානයකට පැමිණ ඇත- 17 වසරක අත්දැකීම් ඇති ඩ්‍රීම්රොන් විද්‍යාලය නිරතුරුව නව්‍යකරණයට යොමුවෙමින් ස්වකීය ශිෂ්‍යයන්ට නිරන්තරයෙන් වර්ධනය වන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ලබාගැනීමට සරිලන කුසලතා හා නිපුණතා සපයයි.

ඩ්‍රීම්රොන් හි ශාඛා ජාලය මේ වනවිට කොහුවල, මහරගම, ගම්පහ, මහනුවර, මාතර, හොරණ, රත්නපුර, අනුරාධපුර, මීගමුව සහ කුරුණෑගල යන නරග 10 කට ව්‍යාප්ත වී ඇත- දිවයින පුරා සිසු සිසුවියන්ට දෙස් විදෙස් රැකියා සහතික කරන ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙම ශාඛා මගින් ලබාගත හැක.

දේශිය රූපලාවන්‍ය කර්මාන්තට රුකුල් දෙමින් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම ඩ්‍රීම්රොන් සමාගම් සමුහයේ සමාරම්භක සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා ගේ සංකල්පයකි. “අපේ උපාධිධාරීන් ගැන මෙන්ම වෘත්තීය සුදුසුකම් ලබාගැනීම සදහා ඔවුන් කරන කැපවීම සම්බන්ධයෙන්ද අපට තිබෙන්නේ ආඩම්බරයක්. අපි හුදෙක් රූපලාවණ්‍ය ශිල්පය ඉගැන්වීමෙන් ඔබ්බට ගොස් ව්‍යවසායකත්වය, නව්‍යතාව හා විශිෂ්ඨත්වය දිරිගන්වනවා- තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම හා ජාතික ආධුණිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය සමග ගොඩනගාගත් සබඳතාව අපේ අධ්‍යාපන පාඨමාලා රජය පිළිගත් සුදුසුකම් සපයන බවට තහවුරු කැරෙන අතර එමගින් සිසුන්ට දේශිය හා ජාත්‍යන්තර රැකියා අවස්තා සදහා දොරටු විවර වෙනවා” ඩ්‍රීම්රොන් රූපලාවණ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂිකා නීෂා පෙරේරා මහත්මිය පැවසීය.

ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය නිෂ්පාදන අපනයනයෙහි දැවැන්තයා වන ඩ්‍රීම්රොන් සමුහයේ සහයෝගයෙන් ඉදිරියට යන ඩ්‍රීම්රොන් රූපලාවණ්‍ය විද්‍යාලය නවතම තාක්ෂණය සහ දැවැන්ත වෘත්තීය ජාලයක් සිසුන්ට නිරාවරණය කරයි- රූපලාවණ්‍ය ක්ෂේත්‍රෙය් විශාලතම ආදි සිසු ජාලය ඇත්තේද ඩ්‍රීම්රොන් සතුවේ.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *