Press "Enter" to skip to content

අලියාගේ පහර කෑ තරුණයා මරුට

පොළොන්නරුව ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින් පසු අලියා සිදුකළ පහරදීමෙන් එම වෑන් රථයේ රියැදුරු මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව පළුගස්දමන අංක 103 සේවාගම, ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එස්.ඩී. දිනේෂ් සඳුරුවන් යන 28 වියැති තරුණයෙක් බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බකමුණ පොලිසිය සඳහන් කරයි.

මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලියා වෑන් රථයකට එල්ල කළ ප්‍රහාරයෙන් එම වෑන් රථය යෝධ ඇළ දෙසට පෙරළී ඇති බවද පරීක්ෂණ සිදුකරන බකමූණ පොලිස් ස්ථානාධිපති උපුල් බොලුකඳුර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

විනෝද චාරිකාවකට සහභාගි වූ පිරිසක් ඔවුන්ගේ නිවාස වෙත ගෙනගොස් ආපසු, ඔහුගේ නිවස වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *