Press "Enter" to skip to content

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇතැයි වාර්තාවේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නියෝගයක් මඟින් ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබු ආරක්‍ෂක නිලධාරීන් ඉන් ඉවත් කර සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇතැයි දැනුම් දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්්‍ය පටිපාටික රීතී සංග්‍රහට යටතේ අදාළ මාරූවීම් ලබාදී ඇතැයි සඳහන් වේ.

ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන්, පොලිස් පරීක්‍ෂකවරුන්, උප පොලිස් පරීක්‍ෂකවරුන්, සැරයන්වරුන්, කොස්තාපල්වරුන්, මෙන්ම මෙම නිලයන් වල කාන්තා නිලධාරීන්ද සිටින බව වාර්තාවේ.

ප්‍රභූ ආරක්‍ෂක සේවයේ යොදවා සිටියදී එම නිලධාරීන්ට ගෙවනු ලබන උපවේශණ දීමනා සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ පසු එම නිලධාරීන්ට නොගෙවීමටද වැඩබලන පොලිස්පතිවරයා අදාළ නියෝගය මඟින් නියම කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *