Press "Enter" to skip to content

අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අපි සූදානම්

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක හොරුන් වංචනිකයන් ඇල්ලීමට කටයුතු කරන්නේ නම් සහ එ් අය විදේශයන්හි සඟවා ඇති මුදල් ගෙන එන්නේ නම් ඊට අත් දෙක ඔසවා කොන්දේසි විරහිතව සහාය දීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අනුර කුමාර දිසානායක රටේ බහුතරයක් නැති ජනපති බවත් බහුතරයක් ලබා ඇති විපක්ෂය එකතු වී ආණ්ඩුව ඉදිරියේදී පිහිටුවන බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අවස්ථාවේදී සියලුම දෙනා එකතු වීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය. මේ අතර වංචා දූෂණවලට පැටලුණු අයට සමගි ජන බලවේග ලැයිස්තුවට ඇතුළත් නොකිරීමට පක්ෂය තීරණය කර ඇති බවත් එය හොඳ ප්‍රවණතාවක් බවත් මන්ත්‍රීවරයා කීවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *