Press "Enter" to skip to content

WHO දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි

සහශ්‍ර සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ දී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි.

මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය 77 වන සමුලුවේදී (Seventy Seventh Regional Committee Session of WHO South-East Asia) මෙම සම්මාන දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහී‌පාල මහතා වෙත පිරිනමන ලදි.

මහජන සෞඛ්‍යය වේගවත් කිරීම සඳහා වන ප්‍රධාන ප්‍රමුඛතා සහ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ කලාපයේ සාමාජික රටවල නියෝජිතයින් මෙම සමුළුවට එක්විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *