තානාපතිවරු කිහිප දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමුවූහ.
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා හා ජනාධිපතිවරයා අතර හමුවේදී ස්ථීර පාර්ශ්වකරුවකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ජර්මනිය කැපවී සිටින බව අවධාරණය කෙරිණි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සුභපැතුම් එක්කළ ජර්මානු තානාපතිවරයා ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් මහතාගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයාට පිරිනැමීය.
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගය පවත්වාගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ජර්මනියේ වසර 70 ක පළපුරුද්ද පිළිබඳ අවධාරණය කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීමට සහාය ලබාදෙන බව පැවසීය.
Be First to Comment