Press "Enter" to skip to content

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කර නැතැයි රජය අවධාරණය කරයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී ඇති හිමිකම් කප්පාදු කිරීමට රජයේ කිසිදු අදහසක් නැතැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඇතැම් මාධ්‍යවල ඒ පිළිබඳ අසත්‍ය තොරතුරු පැතිර යමින් පවතී.  කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමට රජයට අවශ්‍යතාවක් නැත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ පසුගියදා සිදු කළ නිල සංචාරයකදී ගුවන් හමුදා සාමාජිකයින් අමතමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *