Press "Enter" to skip to content

සමගි ජන බලවේගයේ අර්බුද තවත් උග්‍ර වෙයි

සමගි ජනබලවේගයේ අර්බුද තවත් උග්‍ර වෙයි. පසුගිය දිනවල නාමයෝජනා ලබාදීමේ දි ගැටලු රැසකට එම පක්ෂය මුහුණ දුන්නේය.

මේ නිසා විවිධ චෝදනා එම පක්ෂ නායකත්වයට එල්ල විය. එම පක්ෂයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වන බව එම පක්ෂයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට ආසන සංවිධායකයන් නිසිලෙස ක්‍රියා නොකිරිම හේතුවක් වු බවට එම පක්ෂයේ නායකයන් චෝදනා කිරිම මීට ප්‍රධාන ලෙස බලපෑ බව ඇය කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කිවාය.

එම පක්ෂයේ අජිත් මානප්පෙරුම මහතා මෙන්ම දමිතා අබේරත්න මහත්මිය ද ඉකුත් දිනවල විවිධ අර්බුදවලට මුහුණ දුන් ආකාරය පෙන්නුම් කෙරිණි.

එමෙන්ම සමගි ජනසන්ධානයේ ප්‍රධාන පාර්ශ්වයක් වු එක්සත් ජනරජ පෙරමුණේ පාඨලි චම්පික රණවක ඇතුලු පිරිසක් ද මෙවර මැතිවරණ සටනට එක්නොවන බව පැවසීය.

එමෙන්ම සමගි ජනබලවේගයේ රත්නපුර ලැයිස්තුවට ිඇතුලත්ව සිටි එම පෙරමුණේ කරුණාරත්න පරණවිතාන මහතා ද සිය මැතිවරණ සටනින් ඉවත්වන බව ඊයේ පැවසීය. මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන් සම්බන්ධ නඩු විභාගවල තීන්දුව ලැබෙන තෙක් දේශපාලනයෙන් සමුගන්නා බව මහනුවර දී කිවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *