Press "Enter" to skip to content

ඩෙංගු මාරයා යළි යළි හිස එසවීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ, මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් තිබේ.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමග යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ ඉහළ යාමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේය.

“ඔක්තෝබර් මාසයේ පමණක් රෝගීන් 1,247ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. වසර පුරාම මරණ 20ක් වාර්තා වුණා. රෝගීන් වැඩිම වශයෙන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල. ඊට අමතරව මහනුවර, රත්නපුර, මාතර, ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැඩිපුර රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා. මේ වර්ෂාව සමග ඉදිරියේ දී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකියි. එනිසා තමා ඉන්න ප්‍රදේශය අවට වගේම පොදු ස්ථාන මඳුරුවන් බෝවෙන තැන් ඉවත්කරගන්න කටයුතු කරන්න.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *