Press "Enter" to skip to content

දුම්රිය එන්ජිමක් ගිනි ගනී

කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එන්ජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (15) පෙරවරු 7ට කළුතර සිට ගමන් ආරම්භ කළ දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බවය.

දුම්රියේ පිටුපස එංජිමේ ගින්න හටගෙන ඇති අතර කළුතර මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

කෙසේවෙතත් අදාළ දුම්රියේ සිටි මගීන් වෙනත් දුම්රියකින් මරදාන දක්වා රැගෙන ඒමට කටයුතු කර ඇති අතර මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *