අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් රැසක් පසුගිය දිනවලදී මෙරට පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳව චීනය සමීපව නිරික්ෂණය කරමින් සිටින බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
එවැනි නිති විරෝධි ක්‍රියාවලියක් සිදු වී ඇත්නම් මෙරට නිතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පුර්ණ සහාය ලබාදිමට චීනය සූදානම්ව සිටි.
මෙම සිද්ධිය චීනයේ ප්‍රතිරූපයටද බරපතල හානියක් බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
විදුලි සංදේශ ක්‍රියාවලියේ දියුණුවත් සමඟ ඒ හරහා වූ විවිධ වංචා ලොව පුරා පැතිර යමින් පවතී.
එය ලොව පුරා පොදු අනතුරක් මෙන්ම විසඳිය යුතු ගෝලීය ගැටළුවක් බවට පත්ව ඇත.
මෙවැනි වංචාවන්ට එරෙහිව සටන් කිරිම සඳහා චීනය මෑත වකවානුවේදී මියන්මාරය, කාම්බෝජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඵලදායි සහයෝගිතාවක් ගොඩ නඟාගෙන ඇත.
එහිදි සැලකිය යුතු ප්‍රතිඵල අත්කරගෙන ඇති නමුත් ඇතැම් අපරාධ කණ්ඩායම් අග්නිදිග ආසියාවේ වෙනත් රටවලට සංක්‍රමණය වී ඇත.
මෙහිදි චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යංශය ද ශ්‍රි ලංකාව සමඟ ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් සඳහා ක්‍රියාකාරී දායකත්වය සපයනු ඇත.
Be First to Comment