Press "Enter" to skip to content

මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවය.

මහ මැතිවරණයේ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල අද ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මේ අතර මහ මැතිවරණයට අදාලව නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සියලුම සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *