Press "Enter" to skip to content

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම මුදල් තත්ත්වය මත 

2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ අද (15) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“ඡන්දෙ කිට්ටු කරලා පසුගිය කැබිනට් මණ්ඩලය එකපාරටම තීන්දුවක් ගත්තා… රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා… ජනවාරි මාසයේ සිට. නමුත් අපි සොයා බැලුවම මුදල් අමාත්‍යාංශය කිසිම අනුමැතියක් දීලා නැහැ. ඇත්තටම ජනතාව රවට්ටපු දෙයක් මේ වෙලා තියෙන්නේ.”

“අපි එහෙම දේවල් කිව්වෙත් නැහැ. එය ඉටුකළ හැකිද? කොහොමද ? කියන එක සොයා බලලා මුදල් තත්ත්වය මත අලුතෙන් තීන්දුවක් ගන්නවා. නැහැ කියන්නෙත් නැහැ…මුදල් තත්ත්වය බලලා තමයි තීරණය කරන්න ඕනේ.”

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *