Press "Enter" to skip to content

පැසසුම් සමඟින් BMICH තම ස්වර්ණ ජයන්තිය සමරයි

ශ්‍රී ලංකාවේ සංකේතයක් බඳු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව 2023 මැයි 17 වැනිදා තම ස්වර්ණ ජයන්තිය සමරයි. වසර 1973 දී ආරම්භ කළ මෙම ආයතනය පසුගිය වසර 50 ක කාලයකදී ලබාගත් බොහෝ පැතුම් මෙහිදීත් කළ යුතුය.

පුළුල් ගෘහස්ථ සහ එළිමහන් පහසුකම්වලින් යුක්තව සේවාලාභීන්ගේ අවශ්‍යතා අනුව ද, සේවා සැපයීමේ ඉඩ ප්‍රස්ථා සහිතව ක්‍රියාත්මක කෙරෙන BMICH හි භූ පිහිටීමට අනුව ඉතාමත් ලෙහෙසියෙන් ගුවන් සේවාවන් ලබා ගැනීමේ හැකියාව ද සැලකිල්ලට ගත් කළ එය රැස්වීම්, සේවක දිරිගැන්වීම්, හමුවන්, සම්මේලන සහ ප්‍රදර්ශන අවස්ථා පැවැත්වීම සඳහා ඉහළම ඉල්ලුමක් ඇති දකුණු ආසියාවේ විශාලතම සම්මේලන මධ්‍යස්තානය බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ආසියාවේ මුල්ම අතිනවීන පහසුකම්වලින් යුක්ත සම්මේලන ශාලා පරිශ්‍රය විශාල භූමි භාගයක පැතිර පවතින අතර වාහන තුන් දහසක් එකවර නැවැත්වීමේ ඉඩ පහසුකම් ඇති වාහන අංගන පහළොවකින් සහ මනාව පවත්වාගෙන යන අලංකාර පරිසරයකින් සමන්විත වේ.

කොළඹ හතේ පිහිටා ඇති මෙය ජාත්‍යන්තර සම්මාන ගණනාවකට ද හිමිකම් කියයි. ඒ අතරින් වඩාත්ම මෑතකදී ලබාගත් සම්මානය වනුයේ 2016දී දිනාගත් South Asian Travel Award (SATA) රන් සම්මානය, 2017 දී එහි රිදී සම්මානය සහ 2018 දී නැවතත් එහි රන් සම්මානය යි.

තවද වසර 2016 දී Quality ERA Geneva රන් සම්මානය සහ 2017 දී පැරීසියේ දී ප්ලැටිනම් සම්මානයට හිමිකම් කීමට ද BMICH සමත් විය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *