Press "Enter" to skip to content

බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ ජාවාරමක්

අන්තර්ජාල මුල්‍ය ජාවාරම්කරුවන් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා කියයි.

ඒ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසු විය යුතුය.

අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ගනුදෙනුවල දී විශේෂයෙන් ප්‍ර වේශම්කාරී වීම අත්‍යවශ්‍යය.

මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව කිසියම් තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මාර්ගගත ක්‍රමයට සිදුකරන වංචා සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

පසුගිය දින කිහිපයේදී එවැනි වංචා සම්බන්ධයෙන් විදේශිකයෝ 300 කට වැඩි පිරිසක් විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබූහ.

පරිගනක අපරාධ පනත යටතේ පොලිසිය අදාල සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටි.

ඔවුන් සතුව තිබු ජංගම දුරකථන 500 කට ආසන්න සංඛ්‍යාවක් හා පරිගනක 300 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙවැනි වංචාවලට ගොදුරුවුවන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *