Press "Enter" to skip to content

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කමට සජිත් එක්වෙයි

ෙෙමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය මෙවරත් ඉකුත් 18,19 දෙදින පැවැත්විණි.

ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ශාස්ත්‍රවේදී පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සී ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් වහන්සේගේ උපෙද්ශකත්වයෙන් යුතුව මෙම වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය සංවිධානය වී තිබිණි.

දළදා මාලිගාවේ නව බුදු මැඳුරේදී සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති, ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටයුතු කරන ශාස්ත්‍රවේදී පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සී ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් කඨින චීවර පූජා මහෝත්සවයේ ධර්ම දේශනාව 18 දා පස්වරුවේ පැවැත්වුණු අතර කඨින චීවරය මහනුවර ලේඩිබ්ලෙක් ආරාමයේ සිට ශ්‍රී දළදා මාලිගාව දක්වා පෙරහැරින් 19දා අලුයම රැගන ඒම සිදු කෙරිණි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම වසරේ කඨින චීවර පූජා මහෝත්සවය සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වන ලද අතර, මුරුතැන් බුද්ධ පූජාව සහ කප්රුක් පූජා සහිත කඨින චීවර පූජාව, සියක් නමකට ආසන්න මහා සංඝරත්නය උදසා සිදුකොට සපිරිකර සංඝගත දක්ෂිනාවකින්ද මෙම වැඩසටහන සමන්විත විය. මෙම අවස්ථාව සඳහා මහ සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු බැතිමත්හු විශාල පිරිසක් එක්ව සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *