Press "Enter" to skip to content

පාස්පෝට් අද සිට බෙදා හරිනවා

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය.

මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කරන බවද හෙතෙම පැවැසීය.

මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමඟ නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට… ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වැනිදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *