Press "Enter" to skip to content

විදුලිය මිලදී ගැනීමේ නව සුත්‍රය පිළිබඳ සාකච්ඡාවක්

ඉදිරි විදුලිබල ජනන සැලසුම තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආයෝජනයන් දිරිමත් කිරීම වෙනුවෙන් සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ නව මිල සුත්‍රය පිළිබඳව දැනුවත් කිරීමක් ඊයේ (10) සිදු විය.

ඒ අනුව නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රය විදේශ විනිමය අනුපාතය, බැංකු පොළිය, උද්ධමනය, ආනයනය වියදම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට මෙරට සියලුම පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ සංවිධානවල නියෝජිතයන්, විදුලිබල මණ්ඩලයල විදුලි පුද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති පාර්ශවකරුවන් එක්ව සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *