Press "Enter" to skip to content

ජොන්ස්ටන් CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, “බලමු මොකද වෙන්නේ කියලා…කාලය විසින් ප්‍රශ්නවලට උත්තර දෙයි. සත්‍ය ජයග්‍රහණය කරයි” යනුවෙනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *