Press "Enter" to skip to content

වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය

පසුගියදා (16) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී, එල්ලංගා වාරි පද්ධති පිළිබඳ කටයුතු කරන වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ක්‍රියාකාරකම් පිළිබඳව ජනාධිපතිතුමා වැඩි අවධානයක් යොමු කරමින් කතා කර ඇතැයි ද වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය පිළිබඳව එතුමාගේ විශේෂ අවධානය යොමු කර ඇති බව ද වාර්තා වේ.

විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරන වනාන්තර තුළ , කුළු වැව් ඉදිකිරීම අලි මිනිස් ගැටුමට සාර්ථක පිළිතුරක් බව ද පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොව අපේම මිනිසුන් කොට්ඨාසයක්, සමාජය තුළ කොන්වීම බවත්, කෘෂි හා වාරි අමාත්‍යංශ තුල කමිටු මට්ටමින් නිලධාරීන් සකස් වෙමින්, දැනුම හා අධික්ෂණ කටයුතු බෙදාගනිමින්, ජාතික ඉලක්ක සදහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති,ලංකාවේ පමණක් දක්නට ලැබෙන මෙරටටම ආවේනික,ඉපැරණි වාරි ජල කළමනාකරණ ක්‍රමයක් වන එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය කර, වියලි කලාපයේ ගොවි ජනතාවට දේශගුණික විපර්යාසයන්ට මුහුණ දිය හැකිවන අන්දමට ඉල්ලංගා වැව් පද්ධතිය සකස් කර ජල කළමනාකරණය ඇති කිරීම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණකි.

ඒ අනුව මල්වතු ඔය, මී ඔය හා යාන් ඔය ගංගා ද්‍රෝණි ආශ්‍රිත උතුර,උතුරු මැද හා වයඹ පළාත්වල දිස්ත්‍රික්ක හතක එල්ලංගා පද්ධති විසි දෙකක් කේන්ද්‍ර කර ගනිමින් වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *