Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ සැලකියයුතු ප්‍රගතියක්

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ඒ බව පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ ළඟදීම සිදුකෙරෙන තුන්වන සමාලෝචනය කරා කඩිනමින් යෑමට එමගින් අවස්ථාව උදාකර ඇති බවය.

IMF සහ ලෝක බැංකු රැස්වීම් හා සමගාමීව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්,

“නව රජය පත්වෙලා තාම කෙටි කාලයයි. මගේ ප්‍රධානත්වයෙන් ඉහළපෙළේ කණ්ඩායමක් සාකච්ඡා සඳහා සහ බලධාරීන් සමග අදහස් හුවමාරු කරගන්න කොළඹ ට ගියා. නව රජය සහ ඔවුන්ගේ කණ්ඩායම සමග අපි ඉතා සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. එම සාකච්ඡා තවදුරටත් වාර්ෂික රැස්වීම් අතරදී පැවැත්වෙනවා. දැන් හොඳ එකඟතාවයක් තිබෙනවා. එය ඒකමතික එකඟතාවයක්…”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *