Press "Enter" to skip to content

ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරයි.

ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ ඔක්තෝබර් 19 වනදා සහ 24 වනදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන සම්බන්ධයෙනි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබු එම ගුවන්යානා වෙත ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබීම හේතුවෙන් ආරක්ෂාකාරීව එම යානා වල සිටි මගීන් ව සහ කාර්ය මණ්ඩල ඉවත්කර එම යානා පරීක්ෂා කිරීමට ආරක්ෂක බලධාරීන් කටයුතු කළේය.

එමගින් යමෙකු අපහසුතාවයට පත්වූයේ නම් කනගාටුවට පත්වන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පැවසීය.

ඉන්දීය ගුවන්යානා විශාල ගණනකට පසුගිය දින කිහිපය තුළ ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී ඇති අතර ඒ හේතුවෙන් දැඩි ආරක්ෂක පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

මේ අතර ඊයේ දිනයේ තුළදී පමණක් ඉන්දීය ගුවන් යානා සඳහා බෝම්බ ඇති බවට ව්‍යාජ දැනුම්දීම් 80ක් පමණ ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් මෙම ව්‍යාජ තර්ජන සම්බන්ධයෙන් පණිවිඩ ලබාදෙන පුද්ගලයින්ගේ තොරතුරු ඉල්ලා මෙටා සහ X සමාගම්වලට දැනුම්දීමට ද ඉන්දීය රජය තීරණය කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *