Press "Enter" to skip to content

වෝනර්ට ජීවිතාන්තය දක්වා පැනවූ තහනමක් ඉවතට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට කිසිදු අයුරකින් ඔස්ට්‍රේලියාව තුළ නායකයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි ලෙස ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනම ඉවත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2018 වසරේ සිදුකළ දකුණු අප්‍රිකානු සංචාරයේ කේප් ටවුන්හිදී පැවති තරගයේදී වැලි කඩදාසියක් වැනි යමකින් පන්දුව පලුඳු කිරීමේ චෝදනාවට වෝනර් ලක්විය.

එම චෝදනාවට වෝනර්ට අමතරව ස්ටීවන් ස්මිත් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් තිදෙනාම තරග තහනමකට ද ලක්වූහ.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෝනර්ට එරට තුළ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේදී හෝ වෙනත් කිසිදු තරග රටාවක ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය දැරීම ජීවිතාන්තය දක්වා තහනම් කර තිබුණි.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් චර්යා කොමිසමේ නිර්දේශ පිළිගනිමින් එරට ක්‍රිකට් ආයතනය වෝනර්ට ජීවිතාන්තය දක්වා පනවා තිබූ නායකත්ව තහනම වසර හය හමාරකට පසු අවලංගු කර ඇත.

මේ හේතුවෙන් ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින වෝනර් එළැඹෙන බිග්බෑෂ් ලීග් තරගාවලියේදී Sydney Thunder කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇති බවයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *