Press "Enter" to skip to content

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කෙටි විරාමයක් ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් ගනුදෙනු ඊයේ (28) දිනෙන් පසු, ගනුදෙනු දින 5ක කාලයක් සඳහා අත්හිටුවීමට නියමිතය. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි යෝජිත කොටස් අනුබෙදුම හේතුවෙන් එලෙස මෙම සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමක් අද (29) දින සිට ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව ඊයේ (28) දිනෙන් පසු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු වන්නේ එළඹෙන නොවැම්බර් 06 වන සිටයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි දැනට පවතින කොටස් ප්‍රමාණය, කොටස් අනුබෙදුමක් හරහා දස ගුණයක් දක්වා වැඩි කිරීමට පසුගිය ජූලි 30 වෙනිදා තීරණය කෙරුණු අතර ඊට සැප්තැම්බර් 09 දින පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී කොටස් හිමියන්ගේ අනුමැතිය ද හිමිවිය. ඒ අනුව දැනට පවතින ඡන්ද බලය හිමි සෑම සාමාන්‍ය කොටසක්ම, කොටස් 10 ක් දක්වා විභේදනය වනු ඇත. මෙය සිදුවන්නේ සමාගමේ පවතින කොටස් ප්‍රාග්ධනයට බලපෑමක් නොවන ආකාරයෙනි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *