Press "Enter" to skip to content

SPA හිමිකරුවෝ මානව හිමිකම් යයි

සම්භාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා අද සෑම නගරයකම බහුල වශයෙන් ඇති බව ලංකා සම්භාහන ආයතන (SPA) හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා පවසා සිටියි.

වසර 2019 වනතුරු මේ රටේ එම මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට බලපත්‍ර ක්‍රමවේදයක් තිබු අතර එය එම වසරේ සිට අත්හිටුවනු ලැබු බැවින් මෙම ව්‍යාපාරය අයාලේ යා ඇති බවත් ඒ මහතා පවසා සිටියි.

ලංකාවේ සම්භහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට වැඩපිළිවෙලක තිබෙන අවශ්‍යතාවය පැවැති රජයන් දැනුවත් කර බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟත් සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදි එම කාර්යාලයත් සමඟ කටයුතු කිරීමට අධ්‍යක්ෂ ජනරාල් වරයකු ලබාදී ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ අද (30) මානව හිමිකම් කොමිසම වෙත ඔවුන් විසින් දැමු පැමිණිල්ලකට අනුවය.

ඒ අනුව පොලිස්පතිගේ නියෝජිතයකු, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව යන අදාල ආයතනවල නිලධාරින් මෙම කොමිසම හමුවට කැඳවා ඇති අතර එහිදි සාධාරණයක් තමන් බලාපොරොත්තුවන බවත් ඒ මහතා පවසා සිටියි.

ප්‍රසන්න මුණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

මෙම ව්‍යාපාරය ලංකාවේ පමණක් නොවේ ජාත්‍යාන්තරය තිබෙන ශක්තිමත් ව්‍යාපාරයක්. නිරෝගිමත් ජීවිතයක් සඳහා ස්ත්‍රී පුරුෂ අය සම්භාහන ප්‍රතකාරය ලබාගන්නවා. මෙම ව්‍යාපාරයට අපේ රටේ තිබෙන චිත්‍රය විකෘති වි තිබෙන්නේ මෙය ගණිකා නිවාස ගණයට පත් කර තිබීමයි. මෙය එවැනි දෙයක් නොවන බව අපි අවධාරණය කර සිටිනවා. මෙහි රාජකාරි කරන ළමයින් NVQ Level 4 මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න ශ්‍රී ලංකා පදනම් ආයතනයත් සමග අපි කටයුතු කරන අතර එහි පළමු කණ්ඩායම පුහුණු පාඨමාලාව අවසන් කොට ලබන දෙසැම්බර් මාසයේදි ඉන් පිටවෙනවා. එවැනි ප්‍රමිතියෙන් යුතු සේවක පිරිසක් තමයි මෙම සම්භාහන මධ්‍යස්ථානවල සේවය කරන්නේ. දෙවන කණ්ඩායම පුහුණුවට සූදානම් කර සිටිනවා.

සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂ ඉල්ලුමක් තිබෙන දෙයක්වන ස්පා එකකට අද විදේශකයකු අරගෙන එන්න සංචාරක මඟ පෙන්වන්නන් බයයි. මොකද පොලිසියෙන් පැනලා අල්ලාගෙන යනවා ඒ නිසා විදේශිකයන් සම්භාහන කටයුතු කරගන්න මැලෙසියා, තායිලන්තය හා ඉන්දියාව යන ආසන්න රටවලට යනවා. ඒ නිසා අපි නව රජයෙන් ඉල්ලන්නේ මේ ව්‍යාපාරය කලින් තිබුණා වගේ විධිමත් කරන්න කටයුතු කරන්න ප්‍රමිතිය ඇති කරන්න. මෙම ව්‍යාපාරයටත් ,හිමිකරුවන්ටත්, සේවකයින්ටත් වටිනාකමක් තිබෙන අංශයක් බවට පත්කරන්න. ස්පා කියන්නේ ගණිකා නිවාස නොවේ. එවැනි දේවල්වලට නීතිමය පියවර ගත්තාට අපිට කිසිම ගැටලුවක් නෑ. අද බොහෝ ස්ථානවල අධිකරණ තීන්දුවක් නැතිව මේවගේ සේවයේ යෙදෙන අයව ගණිකාවන් කියලා ප්‍රසිද්ධයේ මාධ්‍යවල පෙන්වනවා. මේවා මානවහිමිකම් කඩකිරීමක් බවයි.

එසේම මෙම සංගමයේ ජාතික සංවිධායක නලින් කුමාර මහතා පවසා සිටියේ,

මේ වෘත්තීයේ යෙදෙන සේවක සේවිකාවන් බොහෝමයක් පීඩිත පන්තියේ අයයි. මේ ක්ෂේත්‍රයේ ලක්ෂ හතරක් පමණ සේවය කරන අතර වක්‍රව සුවඳවිලවුන් ඇතුළු නොයෙක් භාණ්ඩ සපයමින් ලක්ෂ පහළොවක් පමණ සේවාවල යෙදි සිටිනවා. වසර 2019න් පස්සේ තමයි මේ සියලු ප්‍රශ්න ඇතිවුණේ, ඊට පෙර වසරින් වසර මෙම මධ්‍යස්ථාන නියාමනයක් සිදුවුණා. හොඳට ව්‍යාපාරය ගෙන ගියා ගණිකා මධ්‍යස්ථාන ලෙස වැරදි චිත්‍ර තිබුණේ නෑ. මේ විදිය එක නගරයක මධ්‍යස්ථාන (ස්පා) හය හත තිබුණේ නෑ. නිසි නියාමනයක් නැති නිසා මේ විධියට අයාලේ ගියේ. මෙම ව්‍යාපාරය මගින් අපේ රටට විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි මෙම ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමටයි බොහෝ විදේශකයින් මෙරටට එන්නේ අපි එම මුදල් වෙනත් රටවලට ලබාදීමට පියවර ගන්න බව කිව යුතුයි. ඒ කඩිනමින් මේ ව්‍යාපාරයට නිසි ක්‍රමවේදයක් සකස් කරන්න කියා ඉල්ලා සිටින බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *