Press "Enter" to skip to content

මොරටුව NS ක්‍රිකට් අවුරුදු සමරයි

මොරටුව ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රිකට් ඇකඩමියක් වන NS Cricket ඇකඩමිය මෙවර අවුරුදු සැමරීමට සමගාමීව සුවිශේෂී අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා. මැයි මස පළමු දින මොරටුව කාල්ටන් Sports Club ක්‍රීඩාංගනයේ සූදානම් කර තිබූ මෙම අවුරුදු උළෙල සඳහා එම ක්‍රිකට් ඇකඩමියේ ළමුන් සහ ඔවුන්ගේ දෙමව්පියනුත් පුහුණුකරුවන් සියලු දෙනාමත් සහ එහි නිර්මාතෘ සහ ප්‍රධාන පුහුණුකරු නිලන්ත කුරේ ඇතුළු විශාල පිරිසක් සහභාගි වීය.

මෙම සුවිශේෂී අවස්ථාවට පානදුර ප්‍රදේශයෙන් බිහි වූ ශ්‍රී ලංකා කණ්ඩායම කලක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් පිට දඟ පන්දු යවන සහ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සුවිශේෂී ආරාධිතයකු වශයෙන් එදින සහභාගි වී සිටියේය.

දරුවන් සඳහා සුවිශේෂී ක්‍රීඩා රැසකින් මෙන්ම දෙමව්පියන් සඳහාත් ජන ක්‍රීඩා සහ අවුරුදු ක්‍රීඩා ඇතුළු සුවිශේෂී ඉසව් රැසකින් සමන්විත වූ මෙම උළෙල විචිත්රවත් කිරීම සඳහා ජන ක්‍රීඩා අංග රැසක් සමන්විත ඇත.

මේ සඳහා සදුන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක සුරක්නා කලා ආයතනයේ අංගම්පොර සන්දර්ශනයක් ද එක්කර තිබීම තවත් සුවිශේෂී කරුණකි.

එමෙන්ම දෙමවුපියන්ගේ කාන්තා සහ පිරිමි වශයෙන් පැවැත්වුණු ක්‍රිකට් තරඟ කාගෙත් විනෝදයට සහ අවධානයට යොමුව තිබේ. දෙමව්පිය කාන්තා කණ්ඩායම් තුනක් මෙම උළෙලේදී තරඟ වැදීමද සුවිශේශත්වයක්වේ.

ජන ක්‍රීඩා, අවුරුදු ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග බොහොමයකින් සමන්විතව තිබු මෙහි අපේ කම අලුත් පරම්පරාවේ දරුවන්ට පෙන්වා දීමට කදිම අවස්ථාවක් විය. මෙම උළෙල සංවිධානය කළ NS Cricket ඇකඩමියටත් එහි නිර්මාතෘ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරු නිලන්ත කුරේ මහතාටත් දෙමවුපියන්ගේ කෘතවේදීත්වය මෙහිදී නොඅඩුව හිමි විය.

“අපි මෙම අවුරුදු උළෙල සංවිධානය කිරීමේ දී මූලික වශයෙන් ම කල්පනා කරේ අපේ ක්‍රිකට් ඇකඩමියේ ළමුන් සහ දෙමව්පියන් සියලු දෙනා සම්බන්ධ කොටගෙන ඔවුන්ට විනෝද වීමට අවස්ථාවක් ලබාදීමත් ඒවාගේම දරුවන්ට නව අත්දැකීමක් මෙන්ම අපෙන් ඈත්වී යන ජන ක්‍රීඩා වල වටිනාකම ඔවුන්ට අවබෝධාත්මකව ලබාදීමටත් උත්සාහයක් වශයෙන්. ඔවුන් දවස පුරා විනෝද වුණු ආකාරයත් ඒ සඳහා සම්බන්ධ වූ ආකාරයත් දැක්කම අපිට ඉතාම සතුටක් දැනෙනවා” ලෙස මෙම නිලන්ත කුරේ මහතා අප සමඟ පැවසිය.

NS Cricket ඇකඩමිය 2020 වසරේ ආරම්භ වී අද වන විට ළමුන් විශාල පිරිසක් ක්‍රිකට් අත් පොත් කියවන සහ අති දක්ෂ ක්‍රීඩකයන් රටට බිහි කරන මොරටුව ප්‍රදේශයේ ඉහළ මට්ටමේ නමක් දරන ක්‍රිකට් පුහුණු Academy යක් වේ. එහි නිර්මාතෘ නිලන්ත කුරේ ලංකාවේ පුහුණුකරුවන් වර්ගීකරණය යටතේ Level 3 යන කාණ්ඩයේ සිටින ක්‍රිකට් පුහුනු කිරීමේ අංශයේ දැවැන්තයෙකි. වසර විසිපහකට අධික අත්දැකීම් බහුල ලංකාවේ ඉහළම පෙළේ cricket පුහුණුකරුවකු වන ඒ මහතා 2013 වසරේ සිට 2020 දක්වා කාලය තුළ මාලදිවයින ජාතික cricket කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ක්‍රියා කළ අතර, පානදුර ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ 2020 වසරේ සිට ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කර අත්දැකීම් බහුල පුහුණුකරුවෙකි. අද වන විට ඔහුගේ මෙම ඇකඩමිය දිගු දුරක් පැමිණ ඇති අතර මේ වන විට ලබා ඇති ප්‍රගතිය අති විශාලය.

ඉතාමත් රසබර දවසක් අවසානයේ දරුවන් දෙමවුපියන් ඇතුළු සියලු දෙනා එක්ව සාර්ථකව අවුරුදු උළෙල රස විඳ අලුත් අත්දැකීම් ජීවිතයට එකතු කොටගෙන එහි ත්‍යාග ප්‍රදානෝත්සවයක් සමඟ සාර්ථකව නිමවන ලදි.

More from ක්‍රීඩා පුවත්More posts in ක්‍රීඩා පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *