Press "Enter" to skip to content

කෝටි 200කට අධික හෙරොයින් තොගයක් සමග අඹුසැමි යුවළක් මාට්ටු

කෝටි 200කට අසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ 54කට ආසන්න ප්‍රමාණයක් සමඟ අඹුසැමි යුවළක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් අංශ තුනේහි නිලධාරි කණ්ඩායමක් විසින් සෙවනගල නුගේගලයාය, කිරිවැව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නිවසක් ඉදිරිපිට මිදුලේ වළ දමා තිබියදී සොයාගත් ප්ලාස්ටික් බහාලුම් තුනක් තුළ සුක්ෂමව සඟවා තිබූ හෙරෝයින් කිලෝ 53යි ග්‍රෑම් 65ක් සමඟ එම නිවසේ පදිංචි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගිය සම 30 වනදා පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරින් විසින් පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් සමඟින් අත්අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාර ගේ සහෝදරිය බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වු බව සඳහන්ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *