Press "Enter" to skip to content

සංචාරක ව්‍යාපාරයෙන් මාස 9ට ඩොලර් මිලියන 2348ක ආදායමක්

මේ වසරේ (2024) මුල් මාස 9දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2348ක් දක්වා සියයට 61.2කින් වර්ධනය වී ඇත.

ගිය වර්ෂයේ (2023) මුල් මාස 9දී සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගැනීමට හැකිව ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1456.7ක ආදායමක් පමණි.

මේ කාලයේ දී මෙරට සංචාරක පැමිණීම් ද සියයට 46.1කින් වර්ධනය වී ඇත. මේ අනුව ගිය වර්ෂයේ (2023) පළමු මාස 9දී මෙරටට පැමිණි 1,016,256ක විදෙස් සංචාරකයන් ප්‍රමාණය මේ වර්ෂයේ දී (2024) මුල් මාස 9දී 1,484,808ක් දක්වා සියයට 46.1කින් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *