සතොස සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමේ චෝදනාව එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය අභියස මූලික විරෝධතා මතුකර කිරීමෙන් පසු එම මූලික විරෝධතාවය පිළිගත් විනිසුරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සතොස ආයතනයේ හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මෙලෙස නිදහස් කිරීමට නියම කර ඇත.
Be First to Comment