Press "Enter" to skip to content

පොලිස් නිලධාරීන්ගේ වැඩ ජනතාවට වීඩියෝ කරන්න පුළුවන්

පොලිස් නිලධාරීන් සිදුකරන රාජකාරි මෙන්ම නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමේ හැකියාවක් ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නිවේදන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණ දෙන නිලධාරීන්, කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනටමත් යවා තිබේ.

පොලිස්පතිවරයාගේ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරි මෙන්ම නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ද මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුලව නිරීක්ෂණය වේ.

මෙලෙස වීඩියෝගත කරන අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධාරීන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම, වීඩියෝගත කරන ජංගම දුරකථන පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවලදී එලෙස වීඩියෝගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදුකර ඇති බවට වාර්තා වී ඇත.

අවස්ථා රැසක දී එම නිලධාරීන්ගේ නීති විරෝධී, විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියා මෙසේ වීඩියෝගත කර ඇති බව නිරීක්ෂණයට ලක්වී ඇත.

මෙලෙස මහජනතාව විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැ.බ. පොලිස්පතිවරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *