Press "Enter" to skip to content

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි

ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දනිමින් කූඨ ලේඛන ඉදිරිපත් කර මෙරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙන හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 09 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි මස 09 වනදා කැඳවීමට දින නියම කළේය.

ඉන් අනතුරුව නඩුවේ නඩු භාණ්ඩ සුරක්ෂිතව ආරක්ෂිත සේප්පුවක රඳවා තබන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබීය.

එසේම එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *