හොරා කෑ උගන්ඩාවේ ඇති අපේම සල්ලි ජනතා විමුක්ති පෙරමුණේ රජය නැවත අප රටට ලබා ගෙන අප රට මුහුණ දෙන දැවැන්ත බරපතල ගැටලුවලට එම මුදල් උපයෝගී කර ගෙන විසඳුම් ලැබෙයි කියා අපේක්ෂාවෙන් සිටින බවත් උගන්ඩාවට ගෙන ගිය මුදල් ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවකදීය. හොරා කාපු අය එම මුදල්වලින් හොර පොලියකුත් උපයන නිසා මේ මුදල් නැවත රටට ගෙනවිත් රටේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලැබෙතැයි සිතුවත් ජනාධිපතිවරයා ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව රටටම විහිළු සපයන බවත් විහිළුවෙන් රටක් දුවන්න බැරි බවත් හෙතෙම කීය.
මැතිවරණ වේදිකාවල පාස්පෝට් පෝලිම නතර කරනවා යැයි කිව්වත් අදටත් ලැබී නොමැති බවත් එම්එම්එස් වට්ස්අප් මාර්ගයෙන් විසඳුම් ලැබුනට වැඩක් නොමැති බවත් මේ රජය බලයට පත්වූ දින සිට කළේ පාස්පෝට් පෝලිමට විසඳුම් ලබාදීම නොව පෝලිම වැඩි කිරීම බවත් එම නිසා මේ ගැටළුවලට විසඳුම් අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බදු අඩු කරනවා, මිල සූත්‍ර නැති කරනවා, උගන්ඩාවේ මුදල් ගෙන එනවා යැයි වේදිකාවල කෑ මොර දුන්නත් අවසානයේ අයිඑම් එක ඉදිරියේ දණ නමා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය තෙල් මිල සූත්‍රයේ වහලෙකු බවට පත්ව ඇති බවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තෙල් මිල අඩු කරන්න හැකියාව තිබියදී එසේ නොකර සුපිරි පැළැන්තිය භාවිත කරන තෙල් මිල පමණක් අඩු කර ඇති බවත් තෙල් මිල තීරණය කරන්නේ වංචාව දූෂණය හොරකම යැයි කියූ ඔවුන්ම අද තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය. තෙල් මිල අඩු කරන්න, විදුලි බිල අඩු කරන්න, ආහාරවල මිල අඩු කරන්න පාර්ලිමේන්තුවේ අවසර අවශ්‍ය නොවන බවත් විධායක ජනාධිපතිවරයාට එය පහසු කාර්යක් බවත් එම නිසා කරුණාකර උගන්ඩාවේ තිබෙනවා කියන මුදල් ටික නැවත අප රටට ගෙන ආ යුතු බවත් එම මුදල් ගෙනවිත් දුක් විඳින ජනතාවට සහන ලබා දිය යුතු බවත් මේ ප්‍රශ්නවලින් පැන යා නොහැකි බවත් ජනතාව මේවාට විසඳුම් අපේක්ෂා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
advertistment
Be First to Comment