ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී (04 දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ද පැවසීය.
“මේ රටේ ජනතාවට ලොකු සැකයක් ඇතිවෙලා තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණට නැතිනම් මාලිමාවට බහුතර බලයක් ලබාගන්න බැරිවීම හේතුකොටගෙන ඔවුන්ට උදව් කරන වෙනත් බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් හරහා ඒ බහුතර බලය ලබාගැනීමේ ඉතාම කූට උත්සාහයක් දරනවාද කියන කාරණය. මේ කාරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනගන්න කැමතියි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියලා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔවුන් සඳහන් කරනවා 2015 – 2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කරනවා කියන කාරණය. ඒ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කමිටුවේ හිටපු කෙනෙක් තමයි වත්මන් අග්‍රාමාත්‍යතුමිය. 2015 – 2019 ව්‍යවස්ථාවේ තිබෙනවා ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වියයුතුයි කියලා. ඒ වගේම හරිනි අමරසුරිය මැතිණියගේ නිර්දේශ තුළ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ගිලිහිලා ෆෙඩරල් ක්‍රමයකට මඟපාදන තත්වයක් ඇතිකර තිබෙනවා. මේ කාරණා තුන අද සමාජයේ සිදුවීම් එක්ක සසඳලා බැලුවාම ඉතාම
තැතිගන්වන සුළු ස්වභාවයක් තිබෙනවා. මේ ෆෙඩරල්වාදයට අවශ්‍ය මුලපිරීමද, පාරකැපීමද කරන්නේ කියන එකගැන. එල් ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ මුදල් යොදවමින් කටයුතු කරනවා යැයි කියනු ලබන සමහර සංවිධාන මේ වන විට දකුණේ දේශපාලනයටත්, වක්‍රාකාරයෙන් මැදිහත්වෙලා. අපි ප්රජාතන්ත්රවාදය අගය කරන, ජනතාවගේ මතයට හැමදාම ගරුකරන පක්ෂයක් හැටියට ඉතාම ගෞරවනීය ඉල්ලීමක් කරනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන්. කරුණාකරලා මේ රටේ ජනතාවට මේ ඡන්දයට පෙර පැහැදිලි කිරීමක් කරලා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මුදල් වියදම් කරන පක්ෂ සමග ගණුදෙනුවක් නැහැ, කිසිම ආකාරයකින් ඔබතුමන්ලා ෆෙඩරල් ක්‍රමයකට ඉඩදෙන්නේ නැහැ කියන ප්‍රකාශය කරන්න.
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ අර්ථකතන දෙන්න හැදුවත් මෙය දේශපාලන කෝණයකින් බලන්න එපා කියන කාරණය මේ රටේ ජනතාවගෙනුත් , ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ රටට නිදහස ලබාදුන් නායකයා. මේ රටේ අම්මලාගේ කඳුලු නිවපු නායකයා. ජීවිත තර්ජන මේ කිසිවක් සලකන්නේ නැතිව එතුමා මේ ත්රස්තවාදීන් සමග හැප්පිලා ත්‍රස්තවාදය මුලින් උපුටා විනාශ කරන දැමුවා. මේ ත්‍රස්වාදයේ අඳුරු සෙවනැලි දැන් නැවත රජකරන්න හදනවා. අපිට සැකයක් තිබෙනවා ඔබතුමන්ලාගේ පක්ෂය පිටිපස්සෙත් එවැනි අඳුරු සෙවනැලි තිබෙනවාද කියලා? මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පලිගැනීමේ චේතනායෙන් සිටින මේ ත්රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් ඉටුකරන්න කටයුතු කරන්න එපා කියන ගෞරවනීය ඉල්ලීම කරනවා. මෙය ප්‍රකශ කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් විතරක් නොවේ මේ රටේ අනාගතය වෙනුවෙන්. අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමාව ආරක්ෂා කරගන්න බැරිවුණොත් මේ රටේ අනාගතයේ කිසිම නායකයෙක් තවත් මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියලා පෙනී සිටින්නේ නැතිවෙයි. කරුණාකරලා ඔබතුමන්ලාගේ දේශපාලනය කෙසේ වෙතත් රටට හානි කරන්න එපා. රට බේරගත්ත නායකයින්ට පක්ෂ පාට භේදයකින් තොරව අවශ්‍ය ආරක්ෂාව දීලා ඒ රැකගැනීම සිදුකරන්න’ යනුවෙන් ද එහි මහ ලේකම්වරයා සඳහන් කළේය.
එරික් ගාමිණි ජිනප්‍රිය
Be First to Comment