Press "Enter" to skip to content

කාබන් විමෝචනය අවම කිරීමේ විසඳුම් සඳහා GreenFix සහාය

GreenFix Consultancy පුද්ගලික සමාගම, කාබන් විමෝචනය අවම කිරීම සඳහා තිරසාර උපායමාර්ග හා විසඳුම් සංවර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවේ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගෙන ක්‍රියාකරන ආයතනයකි. කාබන් විමෝචනය අවම කිරීම, හරිත බලශක්තිය සහ තිරසාර ව්‍යාපාරික භාවිතාවන් පිළිබඳ විශේෂඥ උපදේශන සේවා පිරිනමන GreenFix , ව්‍යාපාරික ආයතනයන්ට ගෝලීය කාළගුණික විපර්යාස ඉලක්කවලට සමීපවීම සඳහා පරිසර හිතකාමී භාවිතාවන් අනුගත කරගැනීමට මෙන්ම නොසැලෙන සුලු තිරසාර හරිත ආර්ථිකයකට දායකවීම සඳහාද මඟපෙන්වයි.මෙම උපදේශන සේවා, කාබන් අවම කිරීමේ භාවිතාවන් කරා රටක් ලෙස පරිවර්තනය වීමට අත්‍යවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම විශේෂත්වයකි. බොහෝ උපදේශන ආයතන, යම් ව්‍යාපාරික මෙහෙයුමක කාබන් විමෝචනය ගණනය කිරීම සදහා දායක වන විට, GreenFix එයට වෙනස්ව දෙආකාරයක විසඳුම් පිරිනැමීමට උත්සුක වෙයි. ඒ අනුව කාබන් විමෝචනය සහ විමෝචිත කාබන් වෙන්කර හඳුනාගැනීම පිළිබඳ ඇගයීම්, ඒකාබද්ධ කරගත් ප්‍රවේශයක් අනුගමනය කරයි. මේ නිසා ව්‍යාපාරික ආයතනයන්ට වඩාත් දැනුවත් තීරණ ගැනීමට හැකිවන අතර කාබන් විමෝචනය අවමකිරීම සහ තම පරිශ්‍රයේ ඇති කාබන් විභවතාවයන්ද සැළකිල්ලට ගෙන තිරසාර ව්‍යාපාරික ඉලක්ක සපුරාගැනීමට අවස්ථාව උදාවේ.

රුහුණු විශ්වවිද්‍යාලය සමඟ සබැඳියාවෙන් කටයුතු කරන GreenFix, තම සේවාවන් විද්‍යාත්මක පදනමක් මත සිදුකිරීමට වග බලා ගනී. මෙම ක්ෂේත්‍රයේ නිපුණයන් වන ආචාර්ය සුනන්ද කොඩිකාර සහ හර්ෂ මාපාගුණරත්න යන මහත්වරුන් මේ සඳහා නායකත්වය ලබාදෙයි. මෙම ඒකාබද්ධතාවය හරහා කාබන් පාදසටහන් පරීක්ෂණ සඳහා සහභාගී වන සමාගම්වලට ඉතා සංවිධිත සහතිකකරණ ක්‍රියාවලියක් යටතේ අවශ්‍ය පරීක්ෂණ සිදුකරනු ලබයි.

GreenFix Consultancy, සිය ආරම්භයේ සිට කාබන් විමෝචන ව්‍යාපෘති 6ක් මාස 6ක කාලයක් තුළ අවසාන කර ඇති අතර මඩකළපුව, තණමල්විල, හම්බන්තොට හා පාසිකුඩා යන ප්‍රදේශවල ප්‍රධානපෙළේ ව්‍යාපෘති 4ක්ද මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී. මීට අමතරව මාලදිවයින තුළ ජාත්‍යන්තර ව්‍යාපාර කිහිපයකටම උපදේශන සේවා සළසමින් සිටීමද විශේෂත්වයකි. මෙම කර්තව්‍යයන් මගින් හරිත අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම මනාව සනිටුහන් වන අතර තිරසාර පරිවර්තනයක් වෙනුවෙන් GreenFix හි නායකත්ව මෙහෙවරද මොනවට පැහැදිලි වේ.

ක්‍රියාත්මක ව්‍යාපෘති අතරින් වඩා සාර්ථක ව්‍යාපෘතියක් ලෙස මඩකළපුව ප්‍රදේශයේ Riviera හෝටල් ව්‍යාපෘතිය දැක්විය හැකියි. එහිදී භාහිරට නිකුත් කරන කාබන් ප්‍රමාණයට වඩා මෙගාටොන් 200ක කාබන් සංචිත හෝටල් පරිශ්‍රයේ ගබඩාවී පැවතුණි. හෝටලය පිහිටි භූමියේ පසේ හා ශාකවල, හෝටලය විසින් භාහිරට නිකුත් කරන කාබන්වලට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් තිබීම සැළකිල්ලට ගත යුතු කරුණකි. මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ කාබන් වෙන්කර හඳුනාගැනීම තිරසාරභාවයේදී කෙතරම් වැදගත් සාධකයක්ද යන්නයි. GreenFix හි වඩා සංයුක්ත ප්‍රවේශය නොවන්නට, හෝටලයේ කීර්තිනාමයට හා පාරිසරික දායකත්වයට ගත හැකිව තිබූ ප්‍රතිලාභ මඟහැරී යාමටද ඉඩ තිබුණි.

තම ආයතනය පිළිබදව අදහස් දක්වමින් GreenFix Consultancy හි සම නිර්මාතෘ ආචාර්ය සුනන්ද කොඩිකාර මහතා මෙසේ අදහස් දැක්වීය. “කාබන් තිරසාරභාවය අත්පත්කර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධව දායක කරගැනීම අපගේ අරමුණයි. සාම්ප්‍රදායික කාබන් විගණන මෙන් නොව අපගේ පරිපූර්ණ විසදුම් හරහා යම් ආයතනයක් විසින් භාහිරට මුදාහරින කාබන් ප්‍රමාණය හා එහි පරිසරයේ අන්තර්ගත කාබන් ප්‍රමාණය හා එහි පරිසරයේ අන්තර්ගත කාබන් ප්‍රමාණයද වෙන වෙනම සොයාගැනීමට ඉඩහසර විවර කරයි. මෙමගින් කාබන් තිරසාරභාවය අත්පත්කරගැනීම සදහා වඩාත් නිරවද්‍ය ඇස්තමේන්තුවකට එළැඹීමට ව්‍යාපාර ආයතනයන්ට හැකි අතර ඉතා දැනුවත් තීරණ ගැනීමටද අවස්ථාව සළසා දෙයි. මීට අමතරව අප ආයතනයටම ආවේණික කාබන් සංචිත ඇගයීම හරහා තිරසාර මූල්‍ය සැලසුමකට අනුව ව්‍යාපාරයන්ට තම කාබන් වත්කම් කළමනාකරණයටද අවස්ථාව ලබාදෙයි.”

GreenFix Consultancy මගින් අංගසම්පූර්ණ සේවාවන් පිරිනමන අතර කාබන් පාදසටහන් ඇස්තමේන්තුව, කාබන් විමෝචනය අඩුකරගැනීම සදහා උපායමාර්ග, කාබන් ජනනය අවම කරගැනීමට නිර්දේශ සහ තිරසාර සැලසුම්කරණය යන සේවාවන් ඊට ඇතුළත් වේ. මෙම ආයතනයේ පරිපූර්ණ ප්‍රවේශය යටතේ ප්‍රායෝගික හා මැනිය හැකි නිර්ණායක, ඇගයීමේ කාලරාමු සහිතව ලබාදෙන අතර ව්‍යාපාරයේ ප්‍රමාණය මත එය සති 2කේ සිට මාසයක කාලයක් දක්වා විහිදේ.

සන්නාමයක කීර්තිනාමය වර්ධනය කිරීමට අමතරව GreenFix සළසන සේවා මගින් අලුතින් පැනවෙන නියාමන අවශ්‍යතාවයන් සමග අනුගත වීම, පිරිවැය අවම කරගැනීම මෙන්ම පාරිසරික ප්‍රදාන ලබාගැනීමට ඇති සුදුසුකම්ද වර්ධනය කරවයි.

GreenFix Consultancy ක්‍රමාණුකූලව පුලුල්වත්ම පුද්ගලික ව්‍යාපාර, රජයේ ආයතන සහ පරිසර සංවිධාන සමග නව සබැදියාවන්ට එළැඹීමට අපේක්ෂා කරන අතර එමගින් ශ්‍රී ලංකාවේ වඩාත් පුලුල් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සදහා දායකත්වය දැක්වීමටද බලාපොරොත්තු වේ.

අපගෙන් වැඩිදුර විස්තර දැනගැනීමට හෝ අප සමග සම්බන්ධ වීමට 077 116347 හෝ 0777 356468 යන අංක හරහා GreenFix Consultancy අමතන්න. නැත්නම් ccgreenfix@gmail.com යන විද්‍යුත් තැපෑලට ඔබේ අවශ්‍යතාවය යොමුකරන්න.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *