Press "Enter" to skip to content

වඳ සැත්කම් නඩුවෙන් ෂාෆි නිදහස්

මවු­ව­රුන් හාර­ද­හ­සක පමණ පිරි­ස­කට වඳ සැත්කම් කරන ලදැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරි­වේද වෛද්‍ය ෂිහා­බ්දීන් මොහො­මඩ් ෂාෆි මහතා නීති­පති උප­දෙස් ප්‍රකා­රව නිද­හස් කිරී­මට කුරු­ණෑ­ගල ප්‍ර‍ධාන මහේ­ස්ත්‍රාත් බන්දුල ගුණ­රත්න මහතා ඊයේ (6) නියෝග කළේය.

සැක­ක­රුට එරෙ­හිව මෙතෙක් විභාග වූ නඩුව තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යෑමට තරම් ප්‍රමා­ණ­වත් සාක්ෂි ඉදි­රි­පත් කිරී­මට පැමි­ණි­ලි­කාර පාර්ශ්වය අපො­හො­සත් වී ඇති බැවින් ඔහු එම චෝද­නා­ව­ලින් නිද­හස් කොට නඩුව නිෂ්ප්‍රභ කරන බව ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙහිදී ප්‍ර‍කාශ කළේය.

ඒ අනුව සැක­කාර වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව පනවා තිබූ විදෙස් ගමන් තහ­නම ඉවත් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ බව ආග­මන විග­මන පාල­ක­ව­රයා වෙත ද දන්වා යැවී­මට අධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යාට නියම කළේය.

මෙම සිද්ධි­යට අදා­ළව වසර පහ­කට අධික කාල­යක් පැවති මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණයේ නියෝ­ගය මහේ­ස්ත්‍රා­ත්ව­රයා ප්‍රකා­ශ­යට පත් කරනු ලැබූ අව­ස්ථා­වේදී මෙම කරුණු ඉදි­රි­පත් විණි.

මෙම සිද්ධි­යට අදා­ළව සැක­කාර වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ කාන්තා­වන් 768 දෙනකු පැමි­ණිලි ඉදි­රි­පත් කර තිබූ අතර, ඒ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු කරන ලද විම­ර්ශ­න­යේදී වෛද්‍ය­ව­රුන්, හෙද නිල­ධා­රීන්, පවුල් සෞඛ්‍ය සේවා නිල­ධා­රීන්, රෝහලේ සුළු සේවක සේවි­කා­වන් ඇතුළු 138 දෙනකු පමණ පිරි­ස­ක­ගෙන් ප්‍රකාශ ලබා­ගෙන තිබූ බව අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *