Press "Enter" to skip to content

ලංකා T10 සුපර් ලීග් 12 වැනිදා සිට පල්ලේකැලේදී

මුල් වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට නියමිත ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ සියලුම තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියට දෙස් විදෙස් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයන් 17 දෙනකු සිටිය යුතු අතර අවම වශයෙන් 15 දෙනකු සිටිය යුතුය.

ජාත්‍යන්තර ක්‍රීඩකයන් හත්දෙනකු සෑම සංචිතයකම සිටිය යුතුය.

මේ සඳහා සුපිරි ක්‍රිකට් තරු ද සහභාගිවීමට නියමිතය.

කලම්බු ස්ට්‍රයිකර්ස්, කැන්ඩි බෝල්ටීස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, හම්බන්තොට බංග්ලා – ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් යන කණ්ඩායම් මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *